රජය ඉතිරි කළ දැවැන්ත ධන සම්භාරය ජනතා සුවපහසුවට යොදවනවා

වත්මන් රජය විසින් ගතවූ වසර එකහමාරක කාලය තුළ ඉතිරි කරන ලද අති විශාල ධන සම්භාරය මේ වනවිට රටේ ජනතාවගේ සුවපහසුව සහ සුභසාධනය වෙනුවෙන් උපරිමයෙන් යොදවමින් සිටින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත් මහතා පවසයි.
පසුගියදා අලපලාදෙනිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලාල් ප්‍රේමනාත් මහතා මෙසේද පැවසීය.”මේ රටේ ඉතිහාසයේ ඉතුරු කරන ලද දැවැන්ත මුදල් සම්භාරයෙන් ජනතාවගේ සුව පහසුව සඳහා වෙච්ච කටයුතු මේ වෙද්දි අපි කරමින් ඉන්නවා. විශේෂයෙන්ම අධ්‍යාපනය, සෞඛ්‍යය, දිළිඳුකම පිටුදැකීම ඇතුළු අනෙකුත් සියලුම අත්‍යවශ්‍ය ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනය සඳහා එම මුදල් වෙන්කරමින් පවතිනවා.”රජය විසින් ගෙන යන මෙම වැඩපිළිවෙළ පිළිබඳව රටේ පොදු ජනතාව හොඳින් දැනුවත් වී සිටින බවත්, ඒ හේතුවෙන් සමස්ත ජනතාවම අද වනවිට ආණ්ඩුව වටා රොද බැඳ සිටින බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.තමන්ට ජනතාව අතරට යාමට කිසිදු බියක් හෝ බාධාවක් නොමැති බව අවධාරණය කළ මන්ත්‍රීවරයා, ජනතාව තවමත් රජය කෙරෙහි පූර්ණ විශ්වාසය තබා ඇති බැවින් තමන්ට කිසිදු ගැටලුවකට හෝ ප්‍රශ්නයකට මුහුණ දීමට සිදුව නොමැති බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කාලීන පුවත්