රජය ඉන්දියාවෙන් ලොකු ලූනු ඉල්ලයි

ලොකු ලූනු මෙට්‍රික් ටොන් 90 ක් ලබා ගැනීම සඳහා රජය ඉන්දියාවෙන් පෙරේදා (12 වැනිදා) ඉල්ලීමක් කර ඇති අතර,එරටින් ලොකු ලූනු ආනයනය කළහොත් කිලෝවක් රුපියල් 150 ක තොග මිලකට ලබාදීමට හැකියාව පවතින බව රජයේ ආරංචිමාර්ග කියයි.

ඉන්දියාව මෙරටට ලොකු ලූනු අපනයනය ඉකුත් වසරේ (2023) දෙසැම්බර් මාසයේදී නතර කළ අතර,එය මේ මස 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.

එමෙන්ම,පාකිස්තානයද මෙරටට ලොකු ලූනු අපනයනය අප්‍රේල් මස 14 වැනිදා මධ්‍යම රාත්‍රි 12 දක්වා නතර කර තිබේ. මෙම තත්ත්වය මත ලංකාව තුළ ලොකු ලූනු හිඟයක් නිර්මාණයවී ඇති අතර,මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.

කාලීන පුවත්