කැනඩාවේ සය පුද්ගල මිනී මැරුම අපට කියන කතාව;.දරුවන්ට පරිගණක ක්‍රීඩා වලට ඇබ්බැහි වෙන්න නම් දෙන්න එපා! – වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

අපේ රටට මිනීමැරුම් අරුමයක් නොවුණ ද දියුණු ලෝකයේ සාමකාමී රටවල් තුළ මිනීමැරුම් දැඩි කම්පනයක් ඇති කරනවා.පසුගියදා කැනඩාවේ සිදුවූ සය පුද්ගල මනුෂ්‍ය ඝාතනය මුළු ලෝකයේම ඇති කළේ බලවත් කම්පනයක්. ශ්‍රී ලංකාවෙන් මෑතකදී කැනඩාවට සංක්‍රමණය වූ පවුලක තිස්පස් හැවිරිදි මව, මාස දෙකක් වයසැති සිඟිති දියණිය ද ඇතුළුව අවුරුදු හත, හතර සහ දෙක වයසේ වූ එකම පවුලේ පස්දෙනා සහ එම නිවසේ සිටි තවත් හතළිස් වියැති පිරිමි පුද්ගලයකු නිවස තුළම තියුණු ආයුධයකින් කපා මරා දමා එම දරුවන්ගේ පියාට ද බරපතල තුවාල සිදුකර තිබුණේ දහනව හැවිරිදි තවත් ශ්‍රී ලාංකීය තරුණයෙක්. එම තරුණයා අධ්‍යාපනය ලබා ගැනීම සඳහා කැනඩාවට ගොස් සිටි බවත් මේ පවුල සමඟ හිතවත්ව ඔවුන්ගේ නිවසේ කලක් ජීවත් වූ අයකු බවත් පැවසෙනවා. පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේදී ඔහු ඉතා සීමිත වචන ප්‍රමාණයක් පමණක් කතා කළ බව ජනමාධ්‍ය වාර්තා පවසනවා එසේම මේ තරුණයා අන්තර්ජාලයේ පරිගණක ක්‍රීඩාවලට ඇබ්බැහි වුණු අයකු බව ද එම මාධ්‍ය වාර්තා තවදුරටත් දක්වා සිටිනවා.

වයස අවුරුදු 19 ක් කියන්නේ සමාජය පිළිබඳ මනා අවබෝධයක් ලබාගන්න කෙසේවත් ප්‍රමාණවත් කාලයක් නොවෙයි. මොකද? ලංකාවේ වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය තුළ වයස අවුරුදු තුන හතරේ පටන් දිගින් දිගටම දවස පුරාම ලබා දෙන්නේ පොතපත කේන්ද්‍රීය අධ්‍යාපනයක් පමණයි. තමන් ජීවත් වන පරිසරට තමන් අවට ලෝකය පිළිබඳව අවබෝධයක් ලබාගන්න සහ සමාජයේ ජීවත්වීමේදී ඇතිවන ගැටලු ,අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන්න, සමාජ සබඳතා ඇති කරගන්න ,සදාචාර සංවර්ධනය කරගන්න ප්‍රමාණවත් අවකාශයක් ලබා දෙන්නේ නැහැ.
ඉස්සර කාලේ අපි ක්‍රීඩා කළේ සජීවී පුද්ගලයන් සමඟ.කුඩා කාලයේ පාසල් යන විට වැඩිම කැමැත්තක් තිබ්බේ අපිට සෙල්ලම් කරන්න ලැබෙන කාල අවකාශයට . පාසල ඇරඹීමට පෙර වගේම විවේක කාලයේ සහ පාසල් කාලය අවසානයේ මේ විදිහට අපි විවිධ ක්‍රීඩාවල නිරත වුණා. වැඩියෙන්ම සෙල්ලම් කළේ ක්‍රිකට්, පාපන්දු, රගර් , වොලිබෝල් වගේ ක්‍රීඩා. ජය පරාජය විඳ දරාගැනීම,පරාජයෙන් පාඩම් ඉගෙන ගෙන වැරදි හදාගෙන නැවත ජයග්‍රහණයට යන හැටි අපි එම ක්‍රීඩාවලින් ඉගෙන ගත්තා. සාමූහිකව කටයුතු කරන ආකාරය. සාමූහිකව ඉලක්ක ජය ගන්නා ආකාරය මෙන්ම සාමූහිකව ජය පරාජය බෙදා ගන්නා ආකාරය අත්වින්දා. ඒවා අපේ ජීවිතයට මුහුණ දෙන්න අත්දැකීම් විදිහට මේ වන විටත් භාවිතා කරනවා.

අපේ රටේ ලෝකයේ වෙන කොහේවත් නැති විදිහට තියෙන විධිමත් පාසල් අධ්‍යාපනය, සවස සහ සති අන්ත ටියුෂන් අධ්‍යාපනය සහ රාත්‍රී කාලයේ පාසැලින් ලබා දෙන ගෙදර වැඩ සහ ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් මේ දරුවන්ට සමාජය පිළිබඳ කිසිදු ප්‍රායෝගික දැනුමක් ලැබෙන්නේ නැහැ.
සහයෝගය ,පරෝපකාරය, සාමූහිකත්වය, සහකම්පනය විතරක් නෙවෙයි සුභාවිත රසවින්දනය වගේ කිසිදු ගුණාංගයක් වර්තමාන පරපුර තුළ දක්නට ලැබෙන්නේ නැහැ.විශේෂයෙන් කටපාඩම් කරලා විභාග සමත් වෙලා රැකියාවලට එන පුද්ගලයන් හරියට රොබෝ ලා වගෙයි. කිසිදු හැඟීමක්, සිනාවක් පරාර්ථකාමී බවක් ඔවුන්ගෙන් දක්නට ලැබෙන්නේ නැහැ.දැඩි ආත්මාර්ථකාමී ගතියක් විතරයි; ඒ අයගෙන් බොහෝ විට දක්නට ලැබෙන්නේ.

නමුත් අවාසනාවට මේ වන විට අපේ රටේ ලෝකයේ වෙන කොහේවත් නැති විදිහට තියෙන විධිමත් පාසල් අධ්‍යාපනය, සවස සහ සති අන්ත ටියුෂන් අධ්‍යාපනය සහ රාත්‍රී කාලයේ පාසැලින් ලබා දෙන ගෙදර වැඩ සහ ඔන්ලයින් අධ්‍යාපනය හේතුවෙන් මේ දරුවන්ට සමාජය පිළිබඳ කිසිදු ප්‍රායෝගික දැනුමක් ලැබෙන්නේ නැහැ.
සහයෝගය ,පරෝපකාරය, සාමූහිකත්වය, සහකම්පනය විතරක් නෙවෙයි සුභාවිත රසවින්දනය වගේ කිසිදු ගුණාංගයක් වර්තමාන පරපුර තුළ දක්නට ලැබෙන්නේ නැහැ.විශේෂයෙන් කටපාඩම් කරලා විභාග සමත් වෙලා රැකියාවලට එන පුද්ගලයන් හරියට රොබෝ ලා වගෙයි. කිසිදු හැඟීමක්, සිනාවක් පරාර්ථකාමී බවක් ඔවුන්ගෙන් දක්නට ලැබෙන්නේ නැහැ.දැඩි ආත්මාර්ථකාමී ගතියක් විතරයි; ඒ අයගෙන් බොහෝ විට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම මැද හා තරුණ වයස් වල වෛද්‍යවරුන්, පරිපාලන නිලධාරීන් නීතිඥවරයන්, ඉංජිනේරුවරු වැනි වෘත්තිකයන් අතරපවා මෙම තත්වය ඉතා බහුලව ඇති බව නිරීක්ෂණය කළ හැකි වනවා.
මෙම තත්වය තුළ වර්ධනය වන ළමයින් ඒ අයගේ ප්‍රමුඛතම විනෝදාංශය සහ සගයා බවට පත්කර ගන්නේ පරිගණකය සහ සමාජ ජාල වෙබ් අඩවියි. ඔවුන් ජීවත්වන සමාජය වන්නේ පරිගණකය සහ අන්තර්ජාලය විසින් නිර්මිත අතථ්‍ය සමාජයයි (Virtual Society) එහි මිතුරු මිතුරියන් වන්නේ බොහෝ විට කවදාවත් සජීවීව දැක නොමැති අන්තර්ජාලය තුළින් මුණ ගැසෙන සිතින් මවාගත් චරිත විතරයි.විශේෂයෙන් මුහුණු පොතෙන් හමුවන බොහෝ ආගන්තුක මිතුරු මිතුරියන් සැබවින්ම ජීවත් වන පුද්ගලයන් ද නැතහොත් වෙනත් පුද්ගලයන්ගේ හෝ මවාගත් අනන්‍යතාවයන් භාවිතා කරමින් පවත්වාගෙන යන ව්‍යාජ ගිණුම් ද යන්න සොයා ගැනීමට පවා අමාරුයි. මේ වගේ අථත්‍ය සමාජය තුළින් හමුවන පුද්ගලයන් තමන්ගේ විවිධාකාර අරමුණු ඉටු කර ගැනීම සඳහා සමාජ මාධ්‍ය වේදිකාව භාවිතා කරනවා. බොහෝ දරුවන් මෙන්ම කාන්තාවන් ද අපයෝජනයට පත් වන්නේ බාහිර සමාජයේ ආශ්‍රයකින් තොරව මෙම අථත්‍ය සමාජය තුළ ජීවත්වීම නිසා බව නිරීක්ෂණය කළ හැකි වනවා. යථාර්ථ සමාජයේ සමාජ සබඳතා නොමැති වීම හේතුවෙන් තමන්ට කරදරයක් පිහිටක් අවශ්‍ය වූ විට ඒ සඳහා කිසිවෙකුගේ සහාය ලබාගැනීමට හෝ මේ අතථ්‍ය සමාජය ඉදව් කරන්නේ නැහැ.

කැනඩාවේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් ගත් කළ සැකකරු කැනඩාවට ගොස් තිබෙන්නේ වයස අවුරුදු 17දීයි. ශ්‍රී ලංකාවේ සමාජයට සම්පූර්ණයෙන්ම වෙනස් සමාජයක් තුළ තනිවෙන මෙම තරුණයා සමාජ අනෝමීයතාවයට (Anomie) මුහුණ දී ගැනීමට අපහසුව අපේක්ෂා භංගත්වයට(Frustration) පත් වූ බවක් පෙනී යනවා. ඔහු අධ්‍යාපන ආයතනයට ගොස් අධ්‍යාපනය ලබා ඇත්තේ ඉතා කෙටි කලක් බවයි පැවසෙන්නේ. අර්ධ කාලීනව රැකියාවක් කරමින් නෑදෑයන් හිත මිතුරන් ඌණ රටක, තම සංස්කෘතියට සහ සමාජ සන්දර්භයන්ට හාත්පස වෙනස් සමාජයක් තුළ එම තරුණයා පරිගණකය සහ අන්තර්ජාලය තමන්ගේ අපේක්ෂා භංගත්වය මගහැරීම උදෙසා වැඩි වැඩියෙන් භාවිතා කිරීමට පෙළඹුනා විය හැකියි. පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ පුද්ගලයන් බොහෝ විට තනිව ජීවත් වීමට කැමතියි. අනිත් පුද්ගලයන් සමග ඔවුන් කතා බහ කරන්නැති ඉතාම සීමිත වචන ප්‍රමාණයක් පමණයි.මෙය ඔබගේ විශේෂ අවධානයට යොමු විය යුතු තත්වයක්.
වර්තමානයේ පරිගණක ක්‍රීඩා අතර වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ තමන්ට විරුද්ධ සියලුම පුද්ගලයන් වනසා ජයග්‍රහණය අත්කර ගන්නා තරඟයි. අතථ්‍ය සමාජය තුළ තමන්ට රිසි පරිදි පුද්ගලයන් විවිධ ආයුධ භාවිතා කරමින් ඝාතනය කිරීම සඳහා ඉඩකඩ සලසා දෙනවා. සැබෑ ලෝකයේ ශිෂ්ඨ සමාජයක් තුළ පවතින නීති රීති සදාචාර ධර්ම කිසිවක් එහි නැහැ.වැරදි සඳහා දඬුවම් ලබා දෙන්නේ නැහැ.වැරදි කරන්නා තමයි ජයග්‍රාහකයා වන්නේ.සියලු දෙනා මරා දැමීම තුළින් තමයි ජයග්‍රහණය කරන්නේ. මේ තුළින් මොළයේ කලබලකාරී ගතිය නොසන්සුන් භාවය, තරහ, කෝපය, පුද්ගල ඝාතනයේ ආශාව වැනි දේ ඉබේටම ප්‍රවර්ධනය වෙනවා.ඊට සාපේක්ෂව ආදරය, දයාව, කරුණාව, සහකම්පනය වැනි අධ්‍යාත්මික ගුණාංග හීන වනවා.සැබෑ ලෝකය සහ අතථ්‍ය ලෝකය අතර වෙනස වෙන්කර හඳුනා ගැනීමට සමහරවිට මොළයට දුෂ්කර වනවා.මේ හේතුව නිසා පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වූ, යථාර්ථවාදී සමාජයෙන් හුදකලා කෙරුණු දරුවන් ප්‍රචණ්ඩ ක්‍රියාවන්ට පෙළඹීම සඳහා දැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා.

පරිගණක ක්‍රීඩාවල යෙදෙන පුද්ගලයන් අතථ්‍ය සමාජයේ ඇති වේගවත් භාවයට හුරුවන අතර යථාර්ථ සමාජයේ ද එවන් ක්ෂණික ප්‍රතිචාරයන් ඔවුන් බලාපොරොත්තු වනවා. නමුත් ස්වභාවධර්මයට අනුව සැබෑ සමාජයේ එවන් ක්ෂණික ප්‍රතිචාර නොලැබූ විට ඔවුන් දැඩි ලෙස කෝප ගන්නවා. එමෙන්ම උගන්වන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේ හැකියාව අඩුවීම නිසා පාසල් වියේ දරුවන්ගේ මතක තබා ගැනීමේ හැකියාව දුර්වල වනවා.

පරිගණක ක්‍රීඩා වල දී, අවශ්‍ය වන ක්ෂණික ප්‍රතිචාරයන්, ක්‍රීඩාවේ තමන් නියෝජනය කරන චරිතයට එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව නිරතුරුවම බියෙන් ,නොසන්සුන් කමින් දෙගිඩියාවෙන් පසු වීම වැනි තත්ත්වයන් ඇතිවීම සඳහා මොළය තුළ ශ්‍රාවය වන ජෛව රසායන ද්‍රව්‍යයන් සත්‍ය වශයෙන්ම එවන් තත්ත්වය කට මුහුණ දුන් විට ඒ අවස්ථාවන්හිදී ඒ ආකාරයෙන්ම ශ්‍රාවය වනවා. නිතර නිතර මේ ආකාරයට දිගු කාලයක් පුරා මෙම ජෛව රසායන ද්‍රව්‍යයන් මොළය තුළ ශ්‍රාවය වීම මගින් මානසික සෞඛ්‍ය දැඩි ව්‍යාකූලභාවයකට පත්වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ මානසික අවපීඩනය , කාංසාව, නොසන්සුන් බව, ක්ෂණිකව කෝප වීම, ආවේග දරාගත නොහැකි වීම, ප්‍රචණ්ඩවීම ,ඒකාග්‍රතාවය ගිලිහීම, වැනි මානසික රෝග තත්වයන් ඇතිවීමයි.
එසේම පරිගණක ක්‍රීඩාවල යෙදෙන පුද්ගලයන් අතථ්‍ය සමාජයේ ඇති වේගවත් භාවයට හුරුවන අතර යථාර්ථ සමාජයේ ද එවන් ක්ෂණික ප්‍රතිචාරයන් ඔවුන් බලාපොරොත්තු වනවා. නමුත් ස්වභාවධර්මයට අනුව සැබෑ සමාජයේ එවන් ක්ෂණික ප්‍රතිචාර නොලැබූ විට ඔවුන් දැඩි ලෙස කෝප ගන්නවා. එමෙන්ම උගන්වන කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමේ හැකියාව අඩුවීම නිසා පාසල් වියේ දරුවන්ගේ මතක තබා ගැනීමේ හැකියාව දුර්වල වනවා.
එපමණක් නොවෙයි. පරිගණකය දෙස නිරතුරුවම එකම ඉරියව්වකින් බලා සිටීම හේතුවෙන් බෙල්ලේ මාංශ පේශි සිරවීම සහ බෙල්ලේ අස්ථි ඇදවීම, අත්, ඇඟිලි හිරිවැටීම දිගු කාලීන හිසරදය, ඇස් වියලීම සහ ඇස් පෙනීම දුර්වල වීම , පාද ඉදිමීම,උදරය ඉදිරියට නෙරා ඒම, වැනි රෝග තත්ත්වයන්ද ඇතිවීමේ ප්‍රබල හැකියාවක් තිබෙනවා. පරිගණක මෙන්ම ජංගම දුරකථන භාවිතාව හේතුවෙන් නිරතුරුවම මොළයට ඇතුළු වන විකිරණ හේතුවෙන් ද මානසිකාව අවපීඩනය නොසන්සුන්තාවය, නින්ද නොයාම ආදී තත්ත්වයන් ඇතිවීමේ හැකියාව තියෙනවා.

යථාර්ථයෙන් බැහැරව අතථ්‍ය සමාජයක් තුළට දරුවන් තල්ලු කර දැමීමේ වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය වහා වෙනස් කළ යුතුමයි .ඒ වගේම අධ්‍යාපන පීඩනය ඉවත් කොට ළමයින්ට නිදහසේ තම බුද්ධිය වර්ධනය කර ගැනීමට ඉඩකඩ සලසන අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසිය යුතු වනවා. කට පාඩම් කිරීමෙන් විභාග සමත්වන ක්‍රමවේදයත්, කටපාඩම් කර ලබා ගන්නා උපාධි සහ සහතික මත පමණක් රැකියාවන් ලබාදීමේ ක්‍රමවේදයත් වෙනස් කළ යුතු වනවා.ඒ නිසා ටියුෂන් ක්‍රමය මත පදනම්ව පවතින වර්තමාන අධ්‍යාපන ක්‍රමය වෙනස්කොට ළමයා පාදක කර ගනිමින් ඔහුගේ බුද්ධිය වර්ධනය වන අධ්‍යාපන ක්‍රමවේදයක් අපේ රටට හඳුන්වා දිය යුතු වනවා.

තමන්ට ඇතිවන ගැටලු ප්‍රශ්න වලට මුහුණ නොදී ඒවා මගහැරීම සඳහා පරිගණක ක්‍රීඩාවල යෙදෙන පුද්ගලයන් ද දක්නට ලැබෙනවා.මෙමගින් ඔවුන්ගේ පෞරුෂත්වය දැඩි ලෙස පිරිහීමට පත්වන අතර ගැටලු සහ ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමේ හැකියාව අඩුවී ප්‍රශ්න උග්‍ර වූ විට සියදිවි නසා ගැනීමට යොමුවීමේ හැකියාවක් තියෙනවා.
මෙවන් කරුණු රාශියක් හේතුවෙන් දියුණු රටවල් විසින් පරිගණක ක්‍රීඩාවල යෙදීමේ කාලය දිනකට පැය භාගයත් පැයත් අතර ප්‍රමාණයකට සීමා කළ යුතු බවට උපදෙස් ලබා දී තිබෙනවා.
එනිසා යථාර්ථයෙන් බැහැරව අතථ්‍ය සමාජයක් තුළට දරුවන් තල්ලු කර දැමීමේ වර්තමාන අධ්‍යාපන ක්‍රමවේදය වහා වෙනස් කළ යුතුමයි .ඒ වගේම අධ්‍යාපන පීඩනය ඉවත් කොට ළමයින්ට නිදහසේ තම බුද්ධිය වර්ධනය කර ගැනීමට ඉඩකඩ සලසන අධ්‍යාපන ක්‍රමවේදයක් සැකසිය යුතු වනවා. කට පාඩම් කිරීමෙන් විභාග සමත්වන ක්‍රමවේදයත්, කටපාඩම් කර ලබා ගන්නා උපාධි සහ සහතික මත පමණක් රැකියාවන් ලබාදීමේ ක්‍රමවේදයත් වෙනස් කළ යුතු වනවා.ඒ නිසා ටියුෂන් ක්‍රමය මත පදනම්ව පවතින වර්තමාන අධ්‍යාපන ක්‍රමය වෙනස්කොට ළමයා පාදක කර ගනිමින් ඔහුගේ බුද්ධිය වර්ධනය වන අධ්‍යාපන ක්‍රමවේදයක් අපේ රටට හඳුන්වා දිය යුතු වනවා. අධ්‍යාපනයත් සමගම යහපත් සමාජ සබඳතා ඇති කරන, අධ්‍යාත්මය , යහපත් හැඟීම් ගුණධර්ම වර්ධනය වන ආකාරයට අධ්‍යාපන ක්‍රමවේදය සකස් කිරීම අත්‍යවශ්‍ය වනවා. සිත සන්සුන් කරන උසස් ගණයේ කලා නිර්මාණ රස විඳීම සඳහා ළමා වයසේ සිට දරුවන් යොමු කිරීම මගින් තම හැඟීම් සහ ආවේගයන් පාලනය කර ගැනීමේ හැකියාව දරුවන්ට ලැබෙනවා.අවසාන වශයෙන්
පරිගණක ක්‍රීඩාවන්ට ඇබ්බැහි වී සමාජයක් තුළ දරුවන් අපරාධ කරුවන් වීම වළක්වා ගැනීම සඳහා රජයට දෙමාපියන්ට මෙන්ම සමස්ත සමාජයටම ඇති දැඩි වගකීම අවධාරණය කළ යුතු වෙනවා.

වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ

නීති වෛද්‍ය නිලධාරී ජාතික රෝහල මහනුවර

එතෙර - මෙතෙර