2026 රාජ්‍ය වෙසක් උත්සවය නිල වශයෙන් මැයි 30 වැනිදා යොදාගෙන ඇති හෙයින්, එදිනට පසුදින එනම් මැයි 31 රජයේ නිවාඩුවක් බවට ප්‍රකාශයට පත්කරමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනය නිකුත්කර තිබේ.ඒ අනුව කලින් මැයි 2වැනිදාට යෙදී ඇති නිවාඩුව සංශෝධනය කරමින් අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇත.අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි මෙවර වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2ක් දක්වා ප්‍රකාශයට පත්කර තිබේ.