ගොවීන් වී අස්වනු වී අලෙවි මණ්ඩලයට නොදී වැඩි මිලට පිටට විකුණති.

රජය විසින් වී මිල දී ගැනීම සඳහා පනවන ලද උපරිම මිල ඉක්මවා වෙනත් ගැනුම් කරුවන්ට වී අලෙවි කර ගැනීමට මේ වන විට බොහෝ ප්‍රදේශවල ගොවීන්ට අවකාශ ලැබී ඇතැයි වාර්තා වේ.රජය විසින් නියම කරන ලද උපරිම මිල යටතේ වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 105ක් බැගින් මිල දී ගැනීමට කටයුතු යොදා තිබෙන නමුත් දැනට වෙළෙදපොලේ වී මිල 110-115 දක්වා iහළ ගොස් ඇති බව වාර්තා වෙයි ඒ අනුව වී අලෙවි මණ්ඩලය විසින් වී මිල දී ගැනීම ආරම්භ කර ඇතත් දකුණු පළාතේ හැර අනෙක් කිසිදු දිස්ත්‍රික්කයක ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී නොදෙන බවත් සෑම දිස්ත්‍රික්කයකම වී අලෙවි මණ්ඩලයේ එක් ගබඩාවක් බැගින් විවෘත කර ඇතත් හම්බන්තොට හැර අනෙක් කිසිදු ගබඩාවකට මේ වන තෙක් වී ඇටයක් හෝ ලැබී නැති බවත් වී අලෙවි මණ්ඩලයේ සභාපති නීතිඥ බුද්ධික ඉද්දමල්ගොඩ මහතා පැවසීය.

කාලීන පුවත්