රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයීමට ලියාපදිංචි වෙයි

රුසියානු සමාගම් දෙකක් මෙරටට ඉන්ධන සැපයිමේ සමාගම් ලෙස ලියාපදිංචි කර තිබේ.ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමණාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, ඒ අනුව අදාළ සමාගම් දෙකට මෙරටට ඉන්ධන මිල දී ගැනීමේ ටෙන්ඩර් සඳහා මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව උදාවන බවයි.

ලබන 21 වැනිදා මෙරටට බොරතෙල් මිල දී ගැනීමේ ටෙන්ඩරයක් විවෘත වන අතර රුසියානු සමාගම් දෙකටද ඒ සඳහා අයැදුම් කළ හැකි බව ඔහු ප්‍රකාශ කරයි.මේ වනවිට මෙරටට ඉන්ධන මිල දී ගැනීම සඳහා සමාගම් 15කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී තිබේ.

කාලීන පුවත්