ලන්ච් ෂීට් භාවිතය තහනම් කරන ලෙසට නිර්දේශයක්

සෞඛ්‍ය හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශ කර තිබේ.

මෙරට ප්ලාස්ටික් සහ පොලිතීන් භාවිතය අවම කිරීම සහ ප්‍රතිචක්‍රීයකරණ ක්‍රියාවලිය වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුමගේ සභාපතිත්වයෙන් දෙසැ. 5 වන දා අදාළ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී ඇති අතර එහිදී මෙම නිර්දේශය ලබා දී ඇත.

පරිසර අමාත්‍යංශය, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකා රේගුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් එදින කාරක සභාව හමුවට කැඳවා තිබේ.

එහිදී ලන්ච් ෂිට් භාවිතය නිසා මෙරට සිදුවන පාරිසරික හානිය මෙන් ම ඒවායේ පවතින තැලේට් නම් පිළිකාකාරකය මිනිස් ජීවිතවලට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ජා කර ඇත.

ඒ අනුව, සෙෳඛ්‍යයට හා පාරිසරික වශයෙන් සිදුවන දැඩි හානි සලකා බලා, එය භාවිතයෙන් ඉවත් කිරීමට සහ විකල්ප හඳුන්වා දීමට මාස 6ක සහන කාලයක් ලබා දී, ලන්ච් ෂීට් (Lunch Sheet) භාවිතය තහනම් කිරීමට පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මධ්‍යම පරිසර අධිකාරියට නිර්දේශයක් ලබා දී තිබේ.

කාලීන පුවත්