ලිට්‍රෝ ගෑස් මිල වෙනස්වීම ගැන විශේෂ දැනුම්දීමක්

ජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම සදහන් කරයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණ ද එම පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබා දීමට කටයුතු කරන බවයි.

ජනවාරි 01වැනිදා ලිට්‍රෝ සමාගම කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 685කින් ඉහළ දැමූ අතර, එය මේ වන විට රුපියල් 4,250ක මිලකට වෙළෙඳපොළේ අලෙවිවේ.

එමෙන් ම, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 276කින් ඉහළ දැමූ අතර, එය මේ වන විට රුපියල් 1,707කට අලෙවි කරනු ලබයි.

ඊට අමතරව, කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල ද රුපියල් 127කින් ඉහළ දැමූ අතර එම සිලින්ඩරයක් මේ වන විට රුපියල් 795ක මිලකට අලෙවි කෙරේ.

කාලීන පුවත්