ලෝක වැඩිහිටි සහ ළමා දිනය අදයි

ලෝක වැඩිහිටි හා ළමා දිනය අදට (01) යෙදි තිබේ.

මේ අතර ලෝක ළමා දිනය සැමරෙන්නේ, ”සියල්ලටම පෙර දරුවන් ” යන තේමාවෙන් ය. මෙවර ලෝක වැඩිහිටි දිනයේ තේමාව වන්නේ, ”සෑම වයසකටම ඩිජිටල් තාක්ෂණය එකසේ ” යන්නයි.අනාගත ලොවට පාර තැනූ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෝකයට සම්පතකි.

මේ බව අවබෝධ කරගත් එක්සත් ජාතීන් ලෝක වැඩිහිටි දිනය ප්‍රකාශයට පත් කළේ , ක්‍රමයෙන් ඉහළ යන ලොව වැඩිහිටි ප්‍රජාව මුහුණ දෙන අභියෝග ජය ගැනීම සඳහා ශක්තිමත් දායකත්වයක් ලබාදීමේ අරමුණින් ය.

මීට අමතරව පෙර පාසල් දරුවන් වෙනුවෙන් පුංචි අපේ පෙර පාසල් නමින් රූපවාහිනී නාළිකාවක්ද අද දින ආරම්භ වන අතර මෙරට ඇති සියලුම ළමා නිවාසවලට පරිඝනක 700ක් ඇතුළුව පරිගණක මධස්ථාන 379ක් ලා දීමේ වැඩසටහන්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ලෝක ළමා දිනය නිමිත් කොටගෙන අද සිට අම්මාවරුනේ, සහන් එළිය, පරිසර ළමා බළකාය යන වැඩසටහන් මෙන්ම මහියංගණය ආදිවාසී ගම්මානය මූලික කොටගෙන කැකුළන්ගේ ළමා දිනය ආදි විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

 

කාලීන පුවත්