වනජීවී රාජකාරි සඳහා සිවිල් ආරක්ෂක බලකායේ 5,000ක්

වනජීවි නිලධාරීන්ගේ රාජකාරි කාර්යක්ෂම කිරීම සදහා සිවිල් ආරක්ෂක බලකායේ 5000 ක පමණ පිරිසක් අනුයුක්ත කිරීමට තීරණය කර තිබේ. අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇත. අලි මිනිස් ගැටුමට පිළියම්, ඉඩම් ගැටලුවලට සාධාරණ විසඳුම් සහ ගොවිජනතාව ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී අවදානය යොමු කර ඇත.

කාලීන පුවත්