වාලම්පුරි බෙලි කටුවක් ලක්ෂ පනස් හයකට විකුණන්න ගිහින් මාට්ටු !

වාලම්පුරි නමින් හැඳින්වෙන Turbinella pyrum නම් බෙලි කටුවක් රුපියල් ලක්ෂ 56ක් පමණ මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් හය දෙනෙකු ජාඇල නගරයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.ජා ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.අගල් 14ක් පමණ දිගැති වාමාවර්තව කැරකී ඇති දුඹුරු සහ සුදු පැහැයෙන් යුතු බෙලි කටුවක් බව පැවසෙයි..කිරිඳිවැල, නිට්ටඹුව, අංගොඩ සහ මාලිගාකන්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් පැමිණි කැබ් රථයක් සහ යතුරු පැදි දෙකක් ද පොලිස් භාරයට ගෙන ඇත.වාලම්පුරි වශයෙන් හැඳින්වෙන මෙම බෙලි කටු විශේෂය සෞභාග්‍යය උදා කර දෙන්නක් බවට පැතිර ඇති අන්ධ විශ්වාසය මත මේවා ඉහළ මිලට අලෙවි කළ ද මේවායේ කිසිදු මූල්‍යමය අගයක් නැත.

කාලීන පුවත්