දේවගැති ජෙරොම් අධිකරණ බලය අවභාවිතා කරන්න හදනවා

බුදුදහම ඇතුළු ආගම්වලට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ලන්ඩනයේ රැඳී සිට වරින් වර පෙත්සම් ඉදිරිපත් කරමින් මෙරට අධිකරණ බලය අවභාවිත කිරීමට උත්සාහ කරන බවට ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ඊයේ (13) අභියාචනාධිකරණය හමුවේ සඳහන් කළේය. එබැවින් ඔහු විසින් දෙවැනි වරටද ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවේම නිෂ්ප්‍රභ කරන ලෙස ජනාධිපති නීතිඥවරයා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.ආගම්වලට අපහාස වන ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කළ දෙවැනි රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේ ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු ආගමික නායකයන් වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥවරයා මේ ඉල්ලීම කළේය.

කාලීන පුවත්