විමල්ට උසාවි එන්න බැරි උණ, වමනය සමඟ පාචනය නිසාලු

හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය සමඟ පාචනය රෝගී තත්වයෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම් දී තිබේ. ඒ පසුගිය කාලයේ රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට ඔහු අපොහොසත් වී ඇති බවට චෝදනා එල්ලවී ඇති නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධයෙනි.මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිකරු උණ, වමනය සමඟ පාචනය යන රෝහී තත්වයයන් ගේන් පසුවන බවත් ඒ බව සහතික කෙරෙන වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත් දන්වා තිබේ.විත්තිකරු උණ, වමනය හා පාචනය යන රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් කර ඇති අතර ඔහුට අද දින සිට දින හතක නිවාඩුවක් ලබා දෙන ලෙස වෛද්‍ය වාර්තාවෙන් නිර්දේශ කර ඇති බව සඳහන් ය.2010 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කරමින් රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනු කර තිබිණ.

කාලීන පුවත්