2026 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන අගෝස්තු මස 09වන ඉරිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,723කදී මෙම විභාගය පැවැත්වීමට නියමිත බවයි.
එහිදී II වන ප්‍රශ්න පත්‍රය පෙ.ව. 09.30 සිට පෙ.ව. 10.45 දක්වාත්, I වන ප්‍රශ්න පත්‍රයට පෙ.ව. 11.15 සිට ප.ව. 12.15 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබේ.