ෂි ‍යන් 6 චීන නැව බටහිර මුහුදේ වැඩ අරඹයි

පසුගිය 25 වන දා කොළඹ වරායට ළඟා වූ “ෂි ‍යන් 6” චීන පර්යේෂණ නෞකාව, නාරා ආයතනය සමග එක්ව මෙරට බටහිර මුහුදේ සිදුකරන පර්යේෂණ කටයුතු අද (30) ආරම්භ කොට තිබේ. අදාළ පර්යේෂණ අද සහ හෙට (31) යන දෙදින තුළ සිදුකිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය පසුගිය දා අවසර ලබාදී තිබුණි.මෙම පර්යේෂණයට අදාළව නෞකාවේ තාක්ෂණය යොදා ගනිමින් බටහිර මුහුදේ ජල සාම්පල ලබා ගැනෙනු ඇත.එම පරීක්ෂණ කටයුතු සඳහා සාගර විද්‍යාඥයන් ද සහිත නාරා ආයතනයේ නිලධාරීන් සිව්දෙනෙකු සහ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් මීට සහභාගී වී සිටිති.එහිදී මුහුදු ජලයේ ලවණතාවය සහ උෂ්ණත්වය පිළිබඳ පරීක්ෂණ සිදුකිරීමට නියමිත අතර මෙම පරීක්ෂණ 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා අඛණ්ඩව සිදුකර ඇති බව සඳහන්ය.

කාලීන පුවත්