සමාජය ආධ්‍යාත්මිකත්වයෙන් ඈත් වෙලා;දේවස්ථාන පාළු වෙලා

වර්තමාන මිනිස් සමාජය තුළ ආගමික සහ ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි පවතින උනන්දුව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත් මෙම අර්බුදය ශ්‍රී ලංකාවට පමණක් සීමා වූවක් නොව, ලෝකයේ දියුණු යැයි සම්මත රටවල පවා දක්නට ලැබෙන බරපතල තත්ත්වයක් බවත් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අනතුරු අඟවා තිබේ.දේව මෙහෙයකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ. “ජනතාව සති අන්තයේ දේවස්ථාන වෙත පැමිණෙනවා වෙනුවට විවිධ විනෝදාංශ සහ විනෝද කටයුතු සඳහා වැඩි කාලයක් මිඩංගු කරනවා. දෙවියන් වහන්සේ කෙරෙහි තිබූ විශ්වාසය බිඳ වැටීම නිසා මිනිසා අද තාවකාලික තෘප්තිය සහ භෞතික සම්පත් රැස් කිරීම පසුපස හඹා යනවා,” යනුවෙන් කාදිනල් හිමිපාණෝ සඳහන් කළහ.යුරෝපයේ පිහිටි දැවැන්ත බැසිලිකා සහ ඓතිහාසික දේවස්ථාන අද වන විට හිස් අවකාශයන් බවට පත්ව ඇති බවත්, ඒ වෙනුවට ක්‍රීඩාංගණ සහ විනෝද මධ්‍යස්ථාන ජනතාවගෙන් පිරී පවතින බවත් උන්වහන්සේ විශේෂයෙන් අවධාරණය කළහ.

කාලීන පුවත්