සරසවි ඇදුරෝ අද ජනපති හමුවෙති

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලන නියෝජිත වරුන් හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ජාවක් අද (18) පස්වරුවේ පැවැත්වේ.ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.දැනට ක්‍රියාත්මක බදු සංශෝධනය ඇතුළු තමන්ට බලපාන වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් මෙන්ම විශ්වවිද්‍යාල තුළ මේ වන විට මතු වී ඇති අධ්‍යාපනික හා පරිපාලනමය ගැටලු පිළිබඳව ද මෙහිදී සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පවසයි.

කාලීන පුවත්