ස්වභාවික වායු සැපයීම වෙනත් පාර්ශවයකට පැවරීම අතිශය අහිතකරයි.

අතිශය අපේ රටට මහඟු සම්පතක් වන ස්වභාවික වායු සැපයීමේ කොන්ත්‍රාත්තුව ටෙන්ඩර් කැඳවීමකින් තොරවම වෙනත් පාර්ශවයකට පැවරීම රටට අතිශය අහිතකර අයුරින් බලපාන බව ඉකුත් යහපාලන රජයේ ඛනිජතෙල් ඇමැතිවරයකු වශයෙන් කටයුතු කළ, වත්මන් ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන චන්දිම වීරක්කොඩි මහතා කියයි.ඒ ඊයේ(25)මාධ්‍ය වේදීන් අමතමිනි.

තමන් අමාත්‍ය ධූරයේ සිටියදී මතු කර ගත් ගෑස් ළිං හතරෙන් දෙකක් සාර්ථක කරගත් බවත්,ලෝකයේ ප්‍රබල සමාගම් එකොලහක් සමඟ ටෙන්ඩර් අනුව ඉදිරි කටයුතු සිදු කරගෙන යද්දී තමන් ධූරයෙන් ඉවත් කළ බවත් කී මන්ත්‍රී වරයා පසුව ආණ්ඩුව එය විනාශ කරගත් බවත්, වත්මන් අමාත්‍යවරයා ද එය විනාශයක් කරගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

එම නිසා මෙම සම්පත නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන රටේ ණය පියවා රට සංවර්ධනය කර අනාගත පරපුරට මෙම බලශක්තිය ආරක්ෂා කර දිය යුතු බව මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එහි දී ඔහු වැඩි දුරටත් අදහස් දැක් වූ මන්ත්‍රී වරයා කියා සිටියේ තමන්ට මෙම අදහස් ප්‍රකාශ කිරීමට ආණ්ඩුව තුළ ඉඩක් නැති බවකි.

කාලීන පුවත්