සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් අතරට ආ මිනිස් සද්දන්තයා;අවසන් කටයුතු අද

vinivida

මිනිසුන්ට සේම සතා සීපාවාට ද අසීමාන්තිකව ආදරය කළ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අව්‍යාජ දේශපාලනඥයකු වූ හිටපු වන ජීවී අමාත්‍ය අභාවප්‍රාප්ත පාලිත තෙවරප්පෙරුම මහතා ගේ දේහය ඔහු ජීවත් ව සිටිය දී කරන ලද ඉල්ලීමකට අනුව අද(19) පස්වරුවේ මතුගම,යටදොලවත්තේ ඔහු විසින්ම තනවා ගෙන තිබූ සොහොන් ස්මාරකයේ තැන්පත් කෙරෙනු ඇත.වරක් කොළඹ-අනුරාධපුර ( ඇල්ල හරහා) ප්‍රධාන මාර්ගයේ ගල්ගමුව සෙනරත්ගම පූලංචිය වැව අද්දර පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය අද්දරට පැමිණි ඔහු එහි නිරූපිත සියඹලංගමුවේ ඇතා සහ දළපූට්ටුවා යන සද්දන්තයන් ගේ මූර්ති සෙවනේ දී සිය අව්‍යාජ හැඟීම් පළ කළ අන්දම ඔහු වෙත පළ කරන උපහාරයක් ලෙස අද ඔබ වෙත මෙසේ ඔබ වෙත ඉදිරිපත් කරමු.

කාලීන පුවත්