තිළිණ ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් පදවියට

අධිකරණ සේවා කොමිෂන් සභාව මඟින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වශයෙන් පත් කොට තිබේ. ඒ මහතා ලබන 22 වැනිදා නව තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.2008 වසරේ දී මහේස්ත්‍රාත්වරයකු වශයෙන් අධිකරණ සේවයට එක් වූ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පළමු පත්වීම ලැබීමෙන් අනතුරුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය, කන්තලේ, කැබිතිගොල්ලෑව, මාතර කොටුව ඇතුළු මහේස්ත්‍රාත් අධිකරණවල මහේස්ත්‍රාත්වරයකු සහ දිසා විනිසුරුවරයකු වශයෙන් සේවය කර ඇත.මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් පසුගිය කාලය පුරා ආන්දෝලනාත්මක නඩු තීන්දු ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ මහතාට ජීවිත තර්ජන පවා එල්ල වී තිබිණි.

කාලීන පුවත්