සිරවුණු කම්කරුවන් බේරා ගැනෙයි

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටි සේවකයින් 41දෙනාවම මේ වනවිට බේරාගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

උතුරු ඉන්දියාවේ උමං මාර්ගයක සිරවී සිටින සේවකයින් 41කින් යුතු පිරිස සිටින ස්ථානයට ළගාවීමට මුදාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබේ.

Uttarakhand හි උමං මාර්ගයක් කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් පිරිසක් කොටුවූයේ පසුගිය නොවැම්බර් මස 12 වැනිදායි.

දින 16ක කාලයක් එහි සිරවී සිටි සේවකයින් පිරිස මුදාගැනීමට එතැන් සිට අඛණ්ඩ මෙහෙයුමක් ක්‍රියාත්මක වුණි.

කාලීන පුවත්