සිවිල් ගුවන් සේවා අධිකාරියට නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය (විශ්‍රාමික) මහතා පත්කර තිබේ.

අමාත්‍ය මණ්ඩල නිර්දේශ මත වරාය, නාවික කටයුතු හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ඊයේ (13) දින එම පත්කිරීම සිදුකර ඇත.

එයාර් වයිස් මාර්ෂල් කොටකදෙණිය මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව සහ ඉන්දියාවේ මදුරාසි විශ්වවිද්‍යාලයෙන් ආරක්ෂාව සහ උපාය මාර්ගික අධ්‍යයනය පිළිබඳව ද පශ්චාත් උපාධිය හිමිකර ගත් අයෙකි.

කාලීන පුවත්