සුඛෝපභෝගී මෝටර් රථයකින් කඩු සහ සන්නිවේදන උපකරණ ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

අගුලාන පොලිස් ස්ථානයට ලැබුණු රහසිගත තොරතුරක් මත ඊයේ සවස සිදුකරන ලද හදිසි වාහන පරීක්ෂාවකදී, සුඛෝපභෝගී මෝටර් රථයකින් කඩු දෙකක් සහ නවීන සන්නිවේදන උපකරණ කිහිපයක් රැගෙන ගමන් කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව ඇත. අත්අඩංගුවට ගත් අවස්ථාවේදී සැකකරු තමන් ගුවන් නියමුවෙකු බව පවසමින් පොලිස් නිලධාරීන් නොමඟ යැවීමටද උත්සාහ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.පොලිස් නිලධාරීන් විසින් අදාළ සුඛෝපභෝගී මෝටර් රථය දැඩි පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහි තිබී කඩු දෙකක්, නවීන පන්නයේ අධි බලැති ගමන් කථන (Walkie-Talkie) යන්ත්‍ර 4ක්, ජංගම දුරකථන 5ක්, ඩ්‍රෝන කැමරාවක් සහ තවත් සන්නිවේදන උපකරණ කිහිපයක් සොයාගෙන තිබේ. මීට අමතරව සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 120ක් ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත. මෙම භාණ්ඩ සන්තකයේ තබා ගැනීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් සිදු කෙරේ.

Uncategorized