හජ් උත්සවය මැයි 28 – කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි

මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය නිල වශයෙන් නිවේදනය කර තිබේ.

හිලාල් අනුකමිටුවල වාර්තාවලට අනුව, අද (17) දින දිවයිනේ කිසිදු ප්‍රදේශයකට දුල් හිජ්ජා මාසය සඳහා වන නව සඳ (හිලාල්) දර්ශනය වී නොමැති බවයි කොළඹ මහ පල්ලිය සඳහන් කරයි.

ඒ අනුව, දැනට පවතින මාසය දින 30කින් සම්පූර්ණ වන අතර, නව මාසයේ ආරම්භය හෙවත් දුල් හජ් මාසයේ පළමු දිනය එළඹෙන මැයි මස 19 වනදා ලෙස සලකනු ලබයි.

ඉස්ලාමීය දින දර්ශනයට අනුව දුල් හජ් මාසයේ 10 වන දින හජ් උත්සවය යෙදෙන බැවින්, ඒ අනුව මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදාට යෙදෙන බවයි කොළඹ මහ පල්ලිය නිවේදනය කරයි.

කාලීන පුවත්