හදිසි තත්වය වහා අවලංගු කරන්න

ඊයේ(18) සිට බලපැවැත්වෙන පරිදි පැනවූ හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කිරීම ජනතා පරිමාධිපත්‍යයේ අංගයක් වන භාෂණය හා ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම්වලට ගරු කරමින් වහා අවලංගු කරන්නැයි ඊයේ දිනයේ දීම ශ්‍රී ලංකා නීතීඥ සංගමය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කොට තිබේ.

ඒ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙන්වා දෙන්නේ මහජන පරිමාධිපත්‍යයේ අංගයක් වන භාෂනය හා ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ඇතුළු මූලික අයිතිවාසිකම්වලට ගරු කරන ලෙස හා ආරක්ෂා කරන ලෙසය. රාජ්‍ය සහ ඔවුන්ගේ නියෝජිතයින් විසින් ඒවා උල්ලංඝනය නොවන පරිදි කටයුතු කරන ලෙසටත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය එම නිවේදනය මඟින් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

මහජන ආරක්ෂාව, රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම, මහජන ජීවිතයට අත්‍යාවශ්‍ය සැපයිම් හා සේවා පවත්වාගෙන යාම සඳහා එය නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය යටතේ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි හදිසි අවස්ථා තත්ත්වය ප්‍රකාශයට පත් කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ගේ අත්සනින් යුතු වය.

කාලීන පුවත්