හරක් හොරු අල්ලන්න අලුත් වැඩක්

උතුරු මැද පළාතේ ගව සොරකම් වැළැක්වීම සඳහා පොලීසිය නව වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව එම වැඩපිළිවෙල සඳහා ප්‍රජා පොලිස් කමිටු සහ සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන්ගේ සහාය ලබාගැනීමට නියමිතයි.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සැලසුමක අනුව මෙම නව වැඩසටහන පෙබරවාරි දෙවන සතිය වනවිට ආරම්භ කිරීමට නියමිතයි.

2023.01.01 දින සිට 2024.01.24 දක්වා කාලය තුළ උතුරුමැද පළාතේ ගව සොරකම් අපරාධ 335ක් වාර්තා වී ඇති අතර එහිදී ගවයින් 572 කට ආසන්න ප්‍රමාණයක් සොරකම් කර ඇති බවට වාර්තාවෙයි.

කාලීන පුවත්