හින්දූන් ගේ ආගමික නිදහස ඉල්ලා යාපනය සරසවියේ සිසු උද්ඝෝෂණයක්

වව්නියාව දිස්ත්‍රික්කයේ නෙදුන්කේනි ප්‍රදේශයේ වෙඩුක්කුනාරි කන්දේ පිහිටි ආදි ලිංගේස්වර කෝවිලේ මහා ශිව රාත්‍රී පූජා චාරිත්‍ර කටයුතු සිදු කරමින් සිටියදී මාර්තු 8 වැනිදා රාත්‍රියේ පොලීසිය විසින් හින්දු භක්තිකයන් අට දෙනකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට දී මාර්තු 19 වැනිදා උද්ඝෝෂණයක් දියත් කොට තිබේ.යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ සභාපති කේ. තුවාකරන් අවධාරණය කළේ එක් ජන වර්ගයක් විසින් තවත් ජන වාර්ගික අයිතීන්ට පහර හෙලන එවන් ක්‍රියා වහාම නැවැත්විය යුතු බවය.පොලිසිය සහ පුරාවිද්‍යා නිලධාරීන් විසින් වෙඩුක්කුනාරි කන්දේ ආගමික වතාවත් පැවැත්වීමට බාධා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් නායකත්වය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්ද ගොනුකර තිබේ.

කාලීන පුවත්