2022 සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ රාත්‍රී නිකුත් කර තිබේ.

නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර ඇති අතර පිළිතුරුපත්‍ර 250,311ක් නැවත සමීක්ෂණයට ලක්කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිය හරහා එම ප්‍රතිඵල ලබා ගත හැකියි.

මේ අතර 2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙටින් ආරම්භ වෙයි.

අයදුම්කරුවන් 452, 979 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊට පාසල් අයදුම්කරුවන් තුන් ලක්ෂ 87, 648ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 65,331 දෙනෙකු ඇතුළත්.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගය පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කරයි.

විශේෂ විභාග මධ්‍යස්ථාන කිහිපයක් ද දිවයින පුරා ස්ථාන කිහිපයක පිහිටුවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්