2026 කාන්තා ආසියානු කුසලාන අවසන් සටන අද

2026 කාන්තා ආසියා කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය.ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවති දෙවනි අවසන් පූර්ව තරගයේ දී පාකිස්තාන කාන්තා කණ්ඩායම කඩුළු 4කින් පරාජයට පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවිය.

ඉන්දියාව සමග අද පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාව සුදානමින් පසුවෙයි.2026 කාන්තා ආසියා කුසලාන අවසන් මහා තරගය අද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රි ලංකා කණ්ඩායම අවසන් මහා තරගයේ ප්‍රබල ඉන්දීය කාන්තා කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.පාකිස්තානය පරදා අවසන් මහා තරගයට පිවිසි ශ්‍රී ලංකා කාන්තා ක්‍රීඩිකාවන්ට දැන් ඇත්තේ එක් අභියෝගයක් පමණයි.

ඒ ආසියාවේ කිරුළ යළිත් ශ්‍රී ලංකාවට රැගෙන ඒමයි.

කාලීන පුවත්