විදුහල්පති සේවයට 4,000ක් බඳවා ගැනීමට සැලසුම්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයට විදුහල්පතිවරුන් 4000ක් බඳවා ගැනීමට පියවර ගෙන තිබේ.

අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනවිරත්න සඳහන් කළේ පසුගියදා පැවති විදුහල්පති විභාගයේ ප්‍රතිඵල මත ඔවුන් බඳවා ගන්නා බවයි.

බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් වෙනුවට රාජකාරී සිදු කරන්නේ වැඩ බලන ගුරුවරුන් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

කාලීන පුවත්