ඉන්දීය ක්රිකට් පාලක මණ්ඩලය විසින් ප්රකාශයට පත් කරන ලද 2026-27 අන්තර්ජාතික තරග කාලසටහනට අනුව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම එළඹෙන දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
මෙම තරග සංචාරය 2026 දෙසැම්බර් 13 වනදා සිට දෙසැම්බර් 27 වනදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි වාර්තා වෙයි.
එහිදී දෙරට අතර එක්දින තරග 3ක් සහ T20 තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.