ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට

2026 කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා ඊයේ (11) ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලැබීමට සමත්විය.ඒ, පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගය කඩුලු 4කින් ජයගනිමින්.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනාවෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කුඩුලු 05ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 130කි.

තරගයෙන් ජයගැනීම සඳහා ලකුණු 131ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4ක් තුළ කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 134ක් රැස්කර ගෙන තරගයේ ජය වාර්තා කරනලදි.

ඒ අනුව ලබන ඉරිදා (13) ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබාගන්නා ලදී.

කාලීන පුවත්