21 දායින් පසු ඇඳිරි නීතිය නිමයි?

දැනට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වන සඳුදා අළුයම හතරෙන් පසු දීර්ඝ කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රාජ්‍ය ඇමති විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කීවාය.ඒ අද(14)සීදූව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.පසුගිය දිනවල පැන වූ නිරෝධායන ඇඳිරි නීතියේ යහපත් ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතින බවත් ඒ අනුව ලබන 21 දායින් පසුව රට කෙමෙන් ක්‍රමානුකූල තත්වයට පත් කර ගත හැකි වනු ඇති බවත් ඇය කීවාය.

කාලීන පුවත්