50ccට අඩු එන්ජින් ධාරිතාවක් සහිත යතුරුපැදි ද ලියාපදිංචි කිරීම අනිවාර්ය බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් මාෂල් තුෂාර ප්රනාන්දු මහතා පවසයි.ඊයේ (22) පැවති මාධ්ය හමුවකදී ඔහු අවධාරණය කළේ, එම යතුරුපැදි ලියාපදිංචි කිරීම අවශ්ය නොවන බවට ඇතැම් අලෙවිකරුවන් ප්රකාශ කරන බව නිරීක්ෂණය වී ඇති බවයි.
එවැනි යතුරුපැදි මිලදී ගැනීමේදී නිසි රේගු ලියකියවිලි සහිතව පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් වගබලා ගත යුතු බවද ඔහු සඳහන් කරයි.ලියාපදිංචි නොකළ යතුරුපැදි පොදු මාර්ගවල ධාවනය කරමින් සිටියදී හසුවුවහොත් පොලිසිය විසින් නීතිමය පියවර ගෙන දඩ නියම කිරීමට ඉඩ ඇති බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසයි.