
![]()
ඩෙංගු සහ වසංගත රෝග ගැන මාධ්‍යයට කරුණු කියන්න නිලධාරීන් දෙදෙනෙක්
ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරිම සඳහා නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත. ඩෙංගු සහ වසංගත රෝග තත්ත්වයන් පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජගත වීම තුළ සමාජයේ …
අධ්‍යාපනය ඩිජිටල් කරන්න කාර්යසාධක බළකායක්
අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්යසාධක බළකායක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. අගමැති ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතාගේ සභාපතිත්වයෙන් සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හාන්ස් විජයසූරිය මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් හා අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත …
පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත සම්මතයි
පුද්ගලයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පෞද්ගලික දත්ත ආරක්ෂණ (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත විය. මෙම පනත් කෙටුම්පතට සංශෝධන එකතු කිරීම සහ තුන්වැනි වර කියවීම පසුව කෙරෙන බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා …
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර …
‘මුණි නන්දනසිරි පාද වඳිම්” ගැයූ ග්‍රේටා ජෙනට් සමු ගනී
ශ්‍රී ලංකා ගුවන්විදුලියෙන් බිහි වූ විශිෂ්ටතම ගායිකාවක සේම වත්මන් මීගමු කලා පරපුරේ පුරෝගාමී සාමාජිකාවක වූ ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය පෙරේදා (02 ) රාත්‍රී .අභාවප්‍රාප්ත වී තිබේ.“මුණි නන්දන සිරිපාද වඳිම් සමනොළ කන්දේ”, “පුංචි නංගි එයි දැන් තාත්තා අපේ”, “නුඹෙ අම්මත් කලුම කලුයි නුඹෙ අප්පත් කලුම …
මැයි මාසයේ ලංකාවට සංචාරකයින් 120,000ක් පැමිණෙයි
මැයි මාසයේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 120,120 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර තිබේ. සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, ඉන්දියාවෙන් සංචාරකයින් 42,899 ක් පැමිණ ඇති අතර, එය සමස්ත පැමිණීමෙන් 35.7% කි. තවද, මැයි මාසයේදී …

සුදු අසකු පිට නැඟී හැඳල ලාදුරු රෝහල වටා සැරිසරන අද්භූත ඕලන්ද කුමාරයා
ශ්‍රී ලංකාවෙන් ලාදුරු රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ අරමුණින් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන අතර, නව රෝගීන් වාර්තා වීම අවම කිරීම සඳහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවට පසුගිය දා ජනමාධ්‍ය වාර්තා කර තිබිණි. පසුගිය කාලයේ පැවති රෝගී තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, සෞඛ්‍ය අංශ විසින් රෝග ව්‍යාප්තිය වැළැක්වීමට කඩිනම් පියවර ගෙන ඇති බව ද වාර්තා විය. නමුත් සෙසු විශේෂිත රෝග සඳහා වෙනම රෝහල් ඉදිව ඇති මුත්, ඒ ආකෘතියේ මුල්ම රෝහල මෙය බව බොහෝ දෙනෙක් නොදනිති. එය ආරම්භ කර ඇත්තේ ඕලන්ද යටත් විජිත සමයේ 1701 වසරේදී ය. ඓතිහාසික වාර්තාවලට …

එන්න දෙවියනේ මල් පැළ අපි බැන්ඳා
ශ්‍රී ලාංකේය ජන සංස්කෘතියට අනුව මිනිසුන්ට තමන් අපේක්ෂා කරන දෙවිවරුන් හමුවිය හැකි ආකාර කිහිපයක් දක්වා තිබේ. ඉන් ප්‍රධානතම ආකාරයන් දෙක වනුයේ දේවාලයක දී හෝ සංහිඳක දී දෙවියන් හමුවීම ය. සංහිඳ යනු බොහෝ විට වැව් ඉහත්තාවක හෝ කෙත්වතු ඉස්මත්තක ඇති දැවැන්ත වෘක්ෂයක් හෙවත් වනස්පතියක් මුල් කරගෙන ගැමි ජනතාව වන්දනා මාන හා …

No posts found.

චාල්ස් රජු කේන්ති ගැන් වූ උල්පත් පෑන
3 වැනි චාල්ස් රජු මේ දිනවල මාධ්‍ය තුළ විශාලම අවධානයක් දිනාගෙන සිටින කෙනෙක් බව රහසක් නොවෙයි. ඔහු ගැන වාර්තාවන බොහෝ තොරතුරු අතරේ ඉතා අපූරු සුළු සුළු සිදුවීම් පවා තිබෙන අයුරු දකින්න පිලිවන්. මෙවැනි එක් සිදුවීමක් වූයේ චාල්ස් රජුට කේන්ති ගිය අවස්ථාවක් පිලිබඳව වාර්තා වූ සිදුවීමයි. මෙම සිද්ධිය සිදුව තිබුණේ ඔහු රජකමට පත් වීමෙන් අනතුරුව පසුගිය දිනෙක උතුරු අයර්ලන්තයේ සංචාරයක නිරත වෙද්දී යි. එහි එක්තරා මාලිගයක තිබූ නිල …
ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ලෝක කුසලානයත් දිනා ගනී ද?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලානය දිනා ගැනීමත් සමග දැන් මෙරට ක්‍රිකට් ලෝලීන් ඇඟිලි ගනිමින් බලා සිටින්නේ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වනතුරු ය. තම කණ්ඩායම එම තරගාවලියේදී කවරාකාරයෙන් දස්කම් දක්වනු ඇත්දැයි දැකබලා ගැනීමට ඔවුන් තුළ ඇත්තේ දැඩි කුතුහලයකි. මෙම කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියේදී ද විශේෂ දස්කම් දක්වනු ඇති බවට බොහෝ දෙනා තුළ බලාපොරොත්තුවක් ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන් පවා පවසා ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී …
අවමඟුල අතරේ සිදු වූ හැරී කුමරුගේ සුනඛ සුරතලය
දෙවන එලිසබෙත් රැජිනගේ අවමංගල්‍යය සඳහා රැස් වූ ජනී ජනයාට කෘතඥතාව පළ කිරීම පිණිස රාජකීය පවුලේ සාමාජිකයන් ජනතාව හමුවට යන අන්දමත් වැඩවසම්වාදී මානසිකත්වයෙන් යුතු බොහෝ දෙනකු විශ්වාස කරන “රාජකීය ඌෂ්ණය” වෙනුවට පොදු මනුෂ්‍යත්වයේ සිසිලස උද්වහනය වන අන්දමින් රාජකීය පවුලේ සාමාජිකයන් සාමාන්‍ය ජනතාව හා අතිශය ලෙන්ගතු වන අන්දමත් ජනමාධ්‍ය මඟින් මේ දිනවල වරින් වර විකාශය කෙරේ.එමෙන්ම තමන් බෙහෙවින් සංවේදී වන අවමඟුලකට එක් සහභාගී වීමේ දී ඊට තම සමීපතමයන් ද …
ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැන ඉන්දියාව දෙමළ ඩයස්පෝරාව පැත්තේ ද?
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ සාකච්ඡා කරන්නට වූයේ යුද්ධයේ අවසාන භාගයේ සිට ය. යුධ අපරාධ චෝදනා ශ්‍රීලංකා හමුදාවන් වෙත එල්ල කරමින් දෙමළ ඩයස් පෝරාව විසින් මෙම චෝදනා නගා තිබුණි. ඔවුන් කළ පැමිණිලි සම්බන්ධයෙන් දිගින් දිගටම ශ්‍රී ලංකා රජයට එරෙහිව මානව හිමිකම් කවුන්සිලය හමුවේ සාකච්ඡා පැවැත්විණි.එහි දී දිගින් දිගටම එල්ල වූ චෝදනා රජය ප්‍රතික්ෂේප කළ ද අවසානයේ ජී.එස්.පී ප්ලස් සහනය ඇතුළු හිමිකම් රැසක් ශ්‍රී …

හෘදය ඇණහිටි සැනින් යමකු මැරී වැටෙන කතාව ඇත්තක්ද? – හෘදවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය නාමල් විජයසිංහ
“හාට් ඇටෑක් (Heart Attack) එකක් හැදුණු විට කෙනෙක් එතැනම මැරී වැටෙන්න පුළුවන් කියා අපි අහලා තියනවා. ඒ කතාව ඇත්තක් ද?” යන්න බොහෝ දෙනකු මා වෙතින් අසා ඇති පැනයකි. මෙහිදී හාට් ඇටෑක් යනුවෙන් අදහස් කරන්නේ හෘදය නතර වීම (Cardiac Arrest) හෙවත් හෘද ස්පන්දනය ක්ෂණිකව නතර වීමයි. මෙය ඉතාමත් බරපතල තත්ත්වයක් වන අතර, ක්ෂණික ප්‍රතිකාර නොලැබුණහොත් මරණය සිදුවීමට ගත වන්නේ ඉතා කෙටි …
මුළු සිරුරම පාලනය කරන මොළය රැක ගනිමු – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ
හුස්ම ගැනීම, රුධිර පීඩනය හා හෘද ස්පන්දනය නිසි ලෙස පවත්වා ගැනීම ඇතුලු අප සිරුරේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් වල ක්‍රියාකාරිත්වය පවත්වා ගන්නේ අපේ මොළයෙන් ලබා දෙන සංඥාවලින් පාලනය වෙමිනි. එමෙන්ම අපගේ සිතීමේ හැකියාව, මතකය, තීරණ ගැනීම, ඉගෙන ගැනීම, සංවේදනාවන් හෙවත් ඉන්ද්‍රියයන් වලින් යම් යම් දේ දැනීම, චිත්ත වේගයන් ඇතිවීම, අන් අය හා සන්නිවේදනය වැනි බොහෝ කටයුතු අප කරන්නේ ද අපගේ මොළයේ ක්‍රියාකාරිත්වය …

ඇදුම ඔබටත් කරදරයක් ද? – කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
අප ජීවත් වන පරිසරයෙහි අපට ආශ්වාස කරන්නට සිදුවන වාතය කිසිසේත් පිරිසිදු යැයි නිගමනය කිරීමේ හැකියාවක් නැත. නමුත් එය පිරිසිදු හෝ අපිරිසුදු වශයෙන් භේදයක් නොමැතිව ම අපට නිරායාසයෙන්ම එය ආශ්වාස කරන්නට සිදුවෙයි. ආශ්වාස කිරීම සඳහා පිරිසිදු වාතයම සොයා යාමේ හැකියාවක් අපට නැත. මෙම පරිසරයෙහි වාතය සමඟ නොයෙකුත් දුම් දූවිලි වගේම තවත් විවිධ අපද්‍රව්‍ය මුසුව පවතී. මේවා ආශ්වාස කරන විට සමහරුන්ට එමගින් අසාත්මිකතාවන් ඇති වෙයි. මෙසේ අසාත්මික වූ කල ඇතිවන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ නාසයෙන් දියර ගැලීමයි. මේ …

No posts found.

No posts found.
.
“මේගොල්ලන් ගෙන් ලැබෙන ආදරය ලෝකේ කිසිම කෙනෙක් ගෙන් ලැබෙන්නෙ නෑ”අපේ නිළි රැජින මාලිනීගේ මේ කතාව ලෝකයේ තියන පිවිතුරුම ඇත්තක්.ඒත් ඒක තාමත් වටහාගෙන ඉන්නෙ සුළු පිරිසක් විතරයි


මේ වෑයම අලි රොෂාන් සිපිරිගෙට යවා අලි ජාවාරම යට ගසන්නද?
මෙරට සිටින ප්‍රධාන පෙළේ අලි ජාවාරම්කරුවකු වන සමපේපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් නමැත්තාට කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරු මඬුල්ල විසින් බරපතළ වැඩසහිත වසර 15 …
කතරගම පාද යාත්‍රාව දඩමීමා කරගනිමින් යාල සහ කුමන ජාතික උද්‍යාන වැනසීම මෙවරත්
යුද්ධය නිමා වීමෙන් පසුවද වසර ගණනාවක් පාද යාත්‍රාවේ වන්දනාකරුවන් ගමන් කළේ කිසිවෙකුගේ දන්සැල් මත යැපෙමින් නොවේ. සැබැවින්ම මෙවැනි දන්සැල් අවශ්‍යවී ඇත්තේ මෙම පාද යාත්‍රාව දඩමීමා …

ජනප්‍රිය ඉන්දීය නළු විජේ සේතුපතිට එරෙහිව ලිංගික චෝදනාවක්
නිළියන් බවට පත් වීමට කැමැති තරුණියන්ට ඒ සඳහා අවස්ථා උදා කර දෙන බව පවසමින් ඔවුන් සමග යහන් ගතවන චිත්‍රපට අධ්‍යක්ෂවරුන්, නළුවන්, නිශ්පාදකයන් වැනි අය ගැන කතා මේ ක්ෂේත්‍රයෙන් බොහෝ විට …
පැරණි මනමේ නාඩගමට අපි සැලකුවා මදි!
වර්ෂ 1956 නොවෙම්බර් මස 3 වැනිදා ශ්‍රී ලාංකේය රංග කලාවේ සදානුස්මරණීය දිනයකි. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේ දී එළිදැක්වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ෙගේ මනමේ නාටකය නිසා ය. මනමේ යනු සිංහල …

පොත් ගොඩ ගහගත්තට ඒ ඔක්කොම කියවන්න වෙලාවක් තියනව ද?
සැප්තැම්බරය යනු ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මාසයයි. පාසල්, විශ්වවිද්‍යාල, පුස්තකාල සහ සංස්කෘතික ආයතන පොත්පත් හා කියවීමේ වැදගත්කම ප්‍රවර්ධනය කරන මේ කාලය තුළ බොහෝ දෙනා තරගයට මෙන් පොත් මිල දී ගනිති. ඇතැමුන් පොත් කියවන්නේ නැත. ඔවුන් කරන්නේ ඒවායෙන් පොත් රාක්ක පිරවීම පමණි. පොත් ප්‍රදර්ශනයෙන් පොත් ගොඩ ගසාගෙන එන ඇතැමුන් කෙටි කාලයකින් පොත් …
බොහොමයකට නොපෙනෙන සිද්ධස්ථාන ජාවාරම්-අනුරපුරයෙන් ඇසුණු කතාවක්
ශ්‍රී ලාංකීය බෞද්ධයන්ගේ අසමසම පූජා නගරය අනුරාධපුරයයි. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි සෑය ඇතුළු අටමස්ථාන නිසා ඊට හිමි වන තැන ශ්‍රී ලංකාවේ අන් කිසිදු පුරවරයකට හිමි වී නොමැති බව මගේ විශ්වාසයයි. නමුත් බෞද්ධයන්ගේ ඇති මේ අතිමහත් ශ්‍රද්ධාව නිසා අනුරාධපුරය ආශ්‍රිතව ජාවාරම්කාර උප සංස්කෘතියක් ද බිහිවී තිබේ.එමෙන්ම එය විවිධාංගීකරණ ස්වරූපයක් ද උසුලන …

මුස්ලිම් කතුන් දෙස අමුතු ඇසකින් බලන්නේ ඇයි?
පසුගිය දිනෙක මම ගම්පහ ආසන්නයේ මගේ මිතුරියකගේ නිවසේ පැවැති සාංඝික දානමය පුණ්‍ය කර්මයකට සහභාගී වීමි. සිංහල බෞද්ධ පරිසරයක ඉපිද හැදී වැඩී, සිංහල මාධ්‍යයෙන් පාසල් සහ සරසවි අධ්‍යාපනය ලැබූ මට එය කෙසේවත් නුහුරු නුපුරුදු අත්දැකීමක් නොවේ. එහෙත්, එම දානමය පින්කම අවසන් වන තෙක් මා සම්බන්ධ විශේෂ හැඳින්වීමක් නොකළ මගේ මිතුරිය, පින්කම …
යක්කුත් කතා කරවන අපේ තොවිල්
“බුදුන්ගේ අණසක හා බුද්ධ රශ්මියේ බලය, මහා සම්මත රාජ ආඥාව සහිත මේ ශුද්ධ භූමියට පැමිණි තා කවුද?” රාත්‍රී මැදියම පසුවීමත් සමඟ තොවිලයේ ප්‍රධාන ඇදුරා හෙවත් ගුරුන්නාන්සේගේ ප්‍රතාපවත් හඬ, එතෙක් බෙර හා මන්ත්‍ර හඬින් පිරී තිබූ පරිසරයට ඉන් පසු ආරෝපණය වූ නිහඬතාව සුනු විසුණු කරමින් දසත පැතිර යනු ඇසෙයි. එහෙත් තොවිලයේ …


