යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

අද(25) අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසල දී අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන විත් තිබේ.මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැක කරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.රත්මලාන, සිරිමල් පෙදෙසේ පිහිටි රුපියල් මිලියන 34ක් වටිනා නිවසක් හා ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂව සැකකරුවකු ලෙස නම් කිරීමට තරම් ප්‍රමාණත් කරුණු ඇති බව පසුගිය 23 වැනිදා නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම්දී තිබුණි.මේ වන විට නඩුකරයක් පවතින අදාළ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන්නේ යෝෂිත රජපක්ෂගේ මහතා ගේ මිත්තණියක් වන ඩේසි ෆොරස්ට් නම් කාන්තාව ය.

කාලීන පුවත්