“රිළා වඳුරු” සංගණන වාර්තතාව කල් යයි

මාර්තු 15 වන දින දිවයින පුරා පවත්වන ලද සත්ව සංගණන වාර්තතාව අද(28) ප‍්‍රකාශයට පත් කළ හැකි බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළ ද තව දුරටත් දත්ත සමාලෝචනය කිරීමට අවශ්‍ය නිසා එය තව දුරටත් ප්‍රමාද වන බව වාර්තා වේ.නමුත් එම සත්ව තොරතුරු විමසුම පර්යේෂණාතමක නොවන දේශපාලනික ප්‍රවේශයකින් යුතු නිසා එහි සාර්ථකත්වයක් දැකිය නොහැකි බව පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා පවසා තිබූ අතර එය සංගණනයක් වශයෙන් නම් කිරීමම දෝෂ සහගත බව පරිසරවේදීන් ගේ පොදු මතය වී තිබේ.මෙය මාර්තු 15 වන දින ඉතා සාර්ථක ලෙස ක්‍රියාවට නැංවුණු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළ මුත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පසුව පවසා සිටියේ මෙය සම්පූර්ණ ගණනයක් සේ සැලකිය නොහැකි බැවින් එය ගණනය යළි සිදු කළ යුතු බවකි.ඒ අතරේ එම ගණනයෙන් ලද් ප්‍රතිඵල කුමක් වුවද එය සමාජගත කිරීමේ අවශ්‍යතාව ද මානව සමාජ විද්‍යාඥ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර වැනි විද්වතුන් පෙන්වා දී තිබේ.

කාලීන පුවත්