අද සහ හෙට පාසල්වලට නිවාඩු

පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් අද සහ හෙට පාසල්වලට නිවාඩු ලබා දී තිබේ.පාසල් යළි විවෘත වන්නේ, ලබන 7 වැනිදායි.මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම හේතුවෙන් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සහ සාමාන්‍ය සේවා අද සිට 7 වැනිදා දක්වා සීමා කර තිබේ.

එම දිනවල පැය 24 සේවාව ද, ක්‍රියාත්මක වන්නේ නැත.මේ අතර අද සහ හෙට බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කවුළු වසා තැබේ.ඒ, නිලධාරින් මැතිවරණ රාජකාරි සඳහා යෙදවීම හේතුවෙන් ය. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිවේදනය කළේ, අදාළ කවුළු යළි විවෘත කරන පළමු දිනයේදී දඩ මුදල් ගෙවීමකින් තොරව, නියමිත ගාස්තුව පමණක් ගෙවා වාහන ආදායම් බලපත්‍ර ලබාගත හැකි බවයි.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ පළාත් කාර්යාලවල එක්දින සේවා ඇතුලු සියලු මහජන සේවා ද, අද සහ හෙට ක්‍රියාත්මක වන්නේ නොමැත.

කාලීන පුවත්