මෙරටින් චිකන් ගුන්යා ඩෙංගු සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්තාවීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
වර්ෂාවත් සමග මදුරු ගහනය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු මෙන්ම චිකන් ගුන්යා රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ සහිත චිකන් ගුන්යා ඊඩිස් නම් මදුරු විශේෂය මගින් ජනතාවට වැළදෙන බවත් ඔහු කියා සිටියි. මේ අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගීන් වාර්ථා වීමද මේ දිනවල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
කැස්ස උණ සහ සෙම්ප්‍රතික්ෂාව තිබේනම් මුඛ ආවරණ පලඳින ලෙසත් ඔහු සඳහන් කරයි. මෙම රෝග තුනේම රෝග ලක්ෂණ එක හා සමාන බැවින් රුධිර පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ මගින් රෝග හදුනාගැනීමට සිදුවන බවත් විශේෂඥ වෛද්‍යවරයා පවසයි.