දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, දුරගමන් සේවා දුම්රිය ධාවනය සීමා කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි. ගාල්ල, මීගමුව සහ වේයන්ගොඩ දක්වා දුම්රිය ධාවනයට පියවර ගෙන තිබේ.
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ මෙම ඉල්ලීම් සඳහා ලබන සතිය ඇතුළත විසඳුම් ලබාදීමට පියවර නොගත හොත් අඛණ්ඩ වර්ජනයක් දක්වා ක්‍රියාත්මක කරන බවයි.
මෙම වැඩවර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ඊයේ රාත්‍රියේ ධාවනයවීමට නියමිතව තිබූ සියලුම තැපැල් දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි.