පෞද්ගලික අංශයෙන් රුපියල් ලක්ෂ දහසයක් පමණ වැය වන නළ දරු තාක්ෂණයෙන් ගැබ් ගැන්වීමක් සාර්ථක කර ගැනීමට කැලණිය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය සමත් වී තිබේ. රජයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයකින් සිදුකළ මෙරට ප්‍රථම නළ දරු ගැබ් ගැන්වීම වශයෙන් මෙය වාර්තා ගත් වෙයි.කාලයක සිට සිදුකරන ලද අධ්‍යනයක ප්‍රතිඵලයක් ලෙස මෙම නළ දරු ගැබ් ගැන්වීම සිදු කළ බව කැලණිය විශ්වවිද්‍යාලයේ සාඵල්‍යතා මධ්‍යස්ථානයේ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන ප්‍රසව හා නාරිවේද අධ්‍යයන අංශය සඳහන් කරයි. මෙම නළදරු තාක්ෂණ ගැබ්ගැන්වීම ප්‍රසව නාරිවේද හා මදසරුභාවය පිළිබඳවිශේෂඥ වෛද්‍ය සුරංග හෙට්ටිපතිරණ මහතා ගේ මෙහෙයවීමෙන් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මහාචාර්ය ඒකකයේ දී සිදුකර ඇත.ඒ අනුව මෙම ගැබ්ගැන්වීම සිදුකළ කාන්තාවගේ දරුගැබට මේ වන විට මාස හයක් සම්පූර්ණ වී ඇති බවත් ඇය යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවත් විශේෂඥ වෛද්‍යවරයා මාධ්‍යයට පවසා තිබේ.රාගම වෛද්‍ය පීඨ පරිශ්‍රයේ ආරම්භ කර ඇති මෙම සාඵල්‍යතා මධ්‍යස්ථානය මගින් නළදරු තාක්ෂණය ඔස්සේ ගැබ් ගැන්වීමේ කටයුතු සිදුකර ගැනීමට අවශ්‍ය පුද්ගලයන්ට එම සේවාව වගකීම් සහිතව ලබා ගැනීමට හැකියාව තිබේ. ඒ සඳහා අවශ්‍ය වුවහොත් සාධාරණ මුදලක් අය කර ගැනීමට කටයුතු කරන බව ද වෛද්‍ය පිඨය සඳහන් කරයි. එහෙත් ඒ සඳහා අය කරන මුදල සම්බන්ධයෙන් මෙතෙක් ගණනය කර නැත.