ඩෙංගු සහ වසංගත රෝග ගැන මාධ්‍යයට කරුණු කියන්න නිලධාරීන් දෙදෙනෙක්

ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත කරුණු පැහැදිළි කිරීම සහ නිල ප්‍රකාශ නිකුත් කිරිම සඳහා නිලධාරීන් දෙදෙනෙකු පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පියවර ගෙන ඇත.

ඩෙංගු සහ වසංගත රෝග තත්ත්වයන් පිළිබඳව සාවද්‍ය තොරතුරු සමාජගත වීම තුළ සමාජයේ අනිසි බියක් ඇතිවීම වැළැක්වීමත්, නිල නොවන අයුරින් සිදු කරන ප්‍රකාශයන් හේතුවෙන් මාධ්‍ය තුළින් වැරදි අර්ථකථනයක් ඉදිරිපත් වීම වැළැක්විමත් යන කරුණු සැලකිල්ලට ගෙන සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙම පත්කිරීම් සිදු කිරීමට තීරණය කර ඇත.

ඒ අනුව ඩෙංගු රෝගය පිළිබඳව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මියත්, වසංගත රෝග තත්ත්වයන් සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතාත් මින් ඉදිරියට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් ඩෙංගු සහ වසංගත රෝග සම්බන්ධව මාධ්‍ය වෙත නිවැරදි හා නිල ප්‍රකාශ නිකුත් කිරීමට කටයුතු කරනු ඇත.

අදාළ නිලධාරීන් සම්බන්ධීකරණය කරගත හැකි දුරකථන අංක සහ විද්‍යුත් ලිපින පහතින් දැක් වේ.

01. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය‍‍.

071 4938916

විද්‍යුත් ලිපිනය – preshilas@gmail.com

02. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ වසංගත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ මහතා.

071 5999757

විද්‍යුත් ලිපිනය – epidunit@sltnet.lk

කාලීන පුවත්