රනිල් ඇප මත මුදා හැරේ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(26) කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප තුනක් මත මුදා හැර තිබේ.කොළඹ කොටුව මහේස්ත්‍රාත් නිලුපලී ලංකාපුර මහත්මිය ඉදිරියේ එම නඩුව විභාගයට ගත් අවස්ථාවේ මෙම ඇප නියෝගය නිකුත් කරන ලදී.පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගත් ඒ මහතා අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඉස්මතු වූඅසනීප තත්ත්වයන් මත කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියේය.මේ වන විටත් ඒ මහතා ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටී.වෛද්‍ය වරුන් පවසනුයේ වික්‍රමසිංහ මහතා තව දුරටත් ප්‍රතිකාර ලැබිය යුතු රෝග තත්වයන් කිහිපයකින් පෙළෙන බව ය.

කාලීන පුවත්