නියම පලතුරු යුෂ යොදා නිපදවන බව පවසමින් කුඩා පොලිතීන් පැකට් වශයෙන් රුපියල් තුන් සියය වැනි මිල ගණන් වලට බෙදා හරින “මුතුරාජවෙල ස්පෙෂල්” නම් නීති විරෝධී විෂ මත් පැන් විශේෂයක් මේ වන විට මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත ප්‍රදේශ රැසක ව්‍යාප්ත වෙමින් පවතී.පසුගිය කාලයේ “දන්කොටුව ස්පෙෂල්” නමින් රට පුරා ප්‍රචලිතව තිබූ රා වලින් පෙරන ලද නීති විරෝධී මත් පැන් මේ වන විට අභාවයට ගොස් ඇති අතර ඒ සඳහා වන විකල්පයක් ලෙස ධනවත් ජාවාරම් කරුවන් කිහිප දෙනකු විසින් මෙම මුතුරාජවෙල ස්පෙෂල් නමින් හඳුන්වා දෙන බව පැවසෙයි.
පසුව ඔවුන් ගේ නියෝජිත වරුන් හා වරියන් ලවා ඉල්ලුම් කරුවන්ට ඒවා මෝටර් සයිකල් මඟින් නිවෙස් වලටම ලබා දීම සිදු කරන බව ප්‍රදේශ වාසීහු කියති.මෙම මත් පැන් නිෂ්පාදනය සඳහා පලතුරු සුවඳ ලබා ගැනීම පිණිස අන්නාසි ආදී පලතුරු වල සුවඳ සහිත කෘත්‍රිම සුවඳ කාරක යොදන බවත් එවිට එම මත් පැන් වල ඇති දුර්ගන්ධය දුරු වී එම පලතුරු සුවඳ හමන බවත් ප්‍රදේශ වාසීහු කියති.එමෙන්ම මෙම මත් පැන් පෙරීම සඳහා මුතුරාජවෙල බටහිර අන්තයේ ඇති හැමිල්ටන් ඇලේ ජලය යොදා ගන්නා අතර මේ වන විට එම ඇල ආසන්නයේ ඇති පරණ යකඩ උණු කරන කම්හල් වල යබොර මිශ්‍ර එම ජලයෙන් පැසෙන ගෝඩා වලින් පෙරනු ලබන මත් පැන් වල අධික සැරක් ඇති බව ද ප්‍රදේශ වාසීහු පවසති.
මෙම “මුතුරාජවෙල ස්පෙෂල්” ජාවාරම මුලින් හිස ඔසවන ලද්දේ පසුගිය කොවිඩ් සමයේ බව දැන ගන්නට තිබේ.මුල දී එක් ජාවාරම් කරුවකු ඇරඹූ මෙම ජාවාරම විශාල වශයෙන් දියුණු වූ අතර ඒවායේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ඔහුට නොහැකි වීම පත පසුව තවත් ජාවාරම් කරුවන් කිහිප දෙනකු වෙනත් ස්ථාන කිහිපයක මෙම “මුතුරාජවෙල ස්පෙෂල්” ජාවාරම පටන් ගෙන තිබේ.

මේ වන විට පමුණුගම ප්‍රදේශයේ හැමිල්ටන් ඇල සමීපයේ පරණ යකඩ උණු කරන කම්හල් සැලකිය යුතු ප්‍රමාණයක් ඇති අතර ඒවායින් බැහැර කෙරෙන යබොර හැමිල්ටන් ඇලේ ජලය හා මුසුවීමෙන් බරපතල ජල දූෂණයක් වන අතර එම ඇල මාර්ගය මීගමු කලපුව හා සම්බන්ධ වීම මත එය මීගමුවේ මත්ස්‍ය අස්වැන්නට පවා අහිතකර බලපෑමක් ඇති කරන බව ධීවරයෝ කියති. ඔවුන් වැඩි දුරටත් පවසනුයේ මේ කතාව ප්‍රසිද්ධ කළ හොත් බොහෝ දෙනකු මීගමු මාලු ආහාරයට ගැනීමට පවා පසුබට වන බවකි.මෙවන් තත්වයක් හමුවේ මෙම “මුතුරාජවෙල ස්පෙෂල්” සම්බන්ධයෙන් පමුණුගම බෝපිටිය ප්‍රදේශවාසීන් තුළ පවත්නා පොදු මතයක් නම් ඒවා පානය කොට අකාලයේ මිය යන්නවුන් ගේ මෘත දේහ අමුතුවෙන් එම්බාම් කිරීමට පවා අවශ්‍ය නොවන බවකි.
මෙම “මුතුරාජවෙල ස්පෙෂල්” ජාවාරම මුලින් හිස ඔසවන ලද්දේ පසුගිය කොවිඩ් සමයේ බව දැන ගන්නට තිබේ.මුල දී එක් ජාවාරම් කරුවකු ඇරඹූ මෙම ජාවාරම විශාල වශයෙන් දියුණු වූ අතර ඒවායේ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට ඔහුට නොහැකි වීම පත පසුව තවත් ජාවාරම් කරුවන් කිහිප දෙනකු වෙනත් ස්ථාන කිහිපයක මෙම “මුතුරාජවෙල ස්පෙෂල්” ජාවාරම පටන් ගෙන තිබේ.එමෙන්ම ඒවා නිෂ්පාදනය පැකට් කිරීම හා ස්කූටි මෝටර් සයිකල් වලින් ඒවා බෙදා හැරීම සඳහා කොමිස් පදනම යටතේ ස්ත්‍රී පුරුෂ දෙපිරිසම එක් ව හිඳින බව පැවසෙයි.
මෙම “මුතුරාජවෙල ස්පෙෂල්” සම්බන්ධයෙන් මේ වන විට පතුරුවා ඇති බරපතල මිථ්‍යාව නිසා කලින් කසිප්පු පානයට යොමු නොවූ අතිරේක පිරිසක් ද අඩු මිලකට හා පහසුවෙන් ලබා ගත හැකි මෙම විෂ මත් පැන් භාවිතයට ඇබ්බැහිව සිටින බව ද දැන ගන්නට ඇත.
නමුදු ඒ අතුරින් වැඩි පිරිස නොයෙකුත් ආර්ථික අපහසුතා වලින් පෙළෙන මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිත පසු කාලීන පදිංචි කරුවන් බව ඒ ආශ්‍රිත පාරම්පරික ගම් වැසියෝ පවසති.නමුත් මෙම “මුතුරාජවෙල ස්පෙෂල්” සම්බන්ධයෙන් මේ වන විට පතුරුවා ඇති බරපතල මිථ්‍යාව නිසා කලින් කසිප්පු පානයට යොමු නොවූ අතිරේක පිරිසක් ද අඩු මිලකට හා පහසුවෙන් ලබා ගත හැකි මෙම විෂ මත් පැන් භාවිතයට ඇබ්බැහිව සිටින බව ද දැන ගන්නට ඇත.මෙම ප්‍රදේශයේ නීති විරෝධී මත් පැන් ජාවාරම් කරුවන් වරින් වර පොලිස් අත් අඩංගුවට පත් වුව ද මෙම “මුතුරාජවෙල ස්පෙෂල්” ජාවාරම නතර කිරීම සම්බන්ධයෙන් පොලිසිය මේ වන විටත් අසමත් ව ඇති බව ඉහත සඳහන් සිදුවීම් වලින් පෙනෙන්නට තිබේ.
එස්.ටී.පී සිල්වා