හැටන් නගරයේ ආපන ශාලා සිල්ලර සහ තොග වෙළෙදසැල් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් හදිසි පරික්ෂාවට ලක්කරනලදි.එහිදී වෙළෙදසැල් රැසකට නඩු පවරා තිබේ.
මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් සිදුකළ පරික්ෂාවේදී අපිරිසිදු ආකාරයෙන් ආපනශාලා පවත්වාගෙන යාම කල් ඉකුත්වූ භාන්ඩ අලෙවි කිරීම ඇතුළු චෝදනා යටතේ වෙළෙදසැල් රැසකට නඩු පවරා තිබේ.
තොග සහ සිල්ලර වෙළෙදසැල්ද වැටලීමට ලක් කෙරුණු අතර වෙළෙදසැල් බොහෝමයකට අවවාද කර තිබේ.පාරිභෝගික ජනතාවගෙන් ලැබුණු පැමිණිලි මත මෙම හදිසි වැටලීම සිදු කරනලදි.