159 වැනි පොලිස් දිනය අදට (03) යෙදී තිබේ.
“නීතිය සුරකිමු, සාමය අගයමු“ තේමාවෙන් මෙවර පොලිස් දිනය සැමරෙයි.
159 වැනි සැමරුම අද පස්වරුවේදී තිඹිරිගස්යාය පොලිස් ක්‍රීඩාංගණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි.
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, එම අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහත්වරුන් ඇතුළු පොලිසියේ ජ්‍යෙෂ්ඨ මෙන්ම කනිෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.