දශක ගණනාවක් පුරා ලේක් හවුස් ආයතනයේ සරසවිය පුවත් පතේ මාණ්ඩලික ඡායාරූප ශිල්පියකු ලෙස කටයුතු කරමින් ඡායාරූප කලාවේ දස්කම් රැසක් පාන අතරේ ක්ෂේත්‍රයේ හොඳ නමක් දිනා සිටි ප්‍රවීණ ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.1980 දශකයේ ආරම්භයත් සමඟ විජය පුවත් පත් සමාගමේ සේවයට එක් ව පසුව දිවයින,දි අයිලන්ඩ් සහ ලක්බිම පුවත් පත් වල ඡායාරූප කර්තෘ පදවිය ද හොබවා ඇති ඒ මහතා රිවිර පුවත්පතේ හිටපු ඡායාරූප අංශ ප්‍රධානී චතුර එස්. කොඩිකාර හා විදෙස් ඡායාරූප මාධ්‍යවේදී ඉෂාර එස්. කොඩිකාර යන අයගේ ආදරණීය පියාණන් ද වෙයි.බන්දු එස් කොඩිකාර මහතා මිය යන විට 81 වන වියේ පසුවිය.ඒ මහතා ගේ දේහය අද (05) පස්වරු 2.00 සිට රාත්‍රී 10.00 දක්වාත් හෙට උදෑසන 8.00 සිට සවස 5.00 දක්වාත් මාකොල සුප්‍රීම් මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට සවස 5.30 ට මාකොල නෙල්ලිගහ ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත ය.