“කලා වැව අලින්ට බාරදෙමු’ ඇරඹෙයි

වසර සිය ගණනක් අලි ඇතුන් ගේ නිජබිම් හා වාස කලාප වශයෙන් තිබී පසුව මිනිස් පරිහරණය සඳහා යොදා ගැනුණු කලාවැව ආශ්‍රිත වන කලාපය යළි වන අලි ඇතුන් වෙනුවෙන් වෙන් කිරීමේ විශේෂ වැඩසටහනක් මේ දිනවල ක්‍රියාක්මක වේ.”කලා වැව අලින්ට බාරදෙමු’ යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මෙම භූමි ප්‍රදේශ මිනිසුන් විසින් මෙන්ම වන සතුන් විසින් ද පොදුවේ භාවිතයට ගන්නා භූමි ප්‍රදේශ බවට පත්ව තිබීම මත කලාවැව සහ ඊට ආසන්න ප්‍රදේශ අලි මිනිස් ගැටුම උග්‍ර ප්‍රදේශ බවට පත්ව තිබේ.කලාවැව ආශ්‍රිත භූමියේ ආක්‍රමණික ශාක ව්‍යාප්ත වීම හේතුවෙන් තෘණ වගාව විනාශ වී ඇති අතර, එම තත්ත්වය ද වන අලි ගම් වැදීමට හේතුවක් ලෙස මේ වන විට අනාවරණය වී තිබේ මෙම කරුණ සැලකිල්ලට ගනිමින් “කලා වැව අලින්ට බාරදෙමු” ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති අතර, එහිදී කලාවැව ආශ්‍රිතව පැතිර ගොස් ඇති ආක්‍රමණික ශාක ඉවත්කර එය තෘණ වගාවට හිතකර භූමියක් බවට පත් කිරීම සිදු වනු ඇත.ඒ උදෙසා ත්‍රිවිධ හමුදාව, ස්වේච්ඡා සංවිධාන, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල දායකත්වය ද හිමිවී තිබේ.

කාලීන පුවත්