තමන් 2015 වසරේ පොහොර සංස්ථාවේ සේවය කරද්දී රුපියල් මිලියන 8ක මූල්‍ය අවභාවිතාවක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳව කරුණු දැක්වීමක් සිදු කිරීමට අවසර ඉල්ලා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.මෙම ඉල්ලීම ජනාධිපති නීතිඥවරයෙකු මාර්ගයෙන් සිදු කර ඇති අතර එහිදි කොමිෂන් සභාව විසින් අමාත්‍ය ජයකොඩි මහතාට දැනුම් දී ඇත්තේ, අවශ්‍ය නම්, ඔහුට සිය කරුණු දැක්වීම් ලිඛිතව ඉදිරිපත් කළ හැකි බවයි.අමාත්‍යවරයාගේ මෙම නව ඉල්ලීම හේතුවෙන්, ඔහුට එරෙහිව නඩු පැවරීමේ ක්‍රියාවලිය තවදුරටත් ප්‍රමාද වීමට ඉඩ ඇති බව ‘ද සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි.මීට පෙර, අල්ලස් කොමිසම විසින් අමාත්‍යවරයාට සහ තවත් දෙදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන 8ක් ( ලක්ෂ 80ක්) වටිනා මූල්‍ය අවභාවිතයක් මත නඩු පැවරීම අනුමත කළ බවට ද මාධ්‍ය වාර්තා පළවිය.කෙසේ වෙතත් අදාළ චෝදනාවට ලක් වූ ටෙන්ඩරය පිරිනැමූ ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස අමාත්‍ය කුමාර ජයකොඩි මහතා කටයුතු කර තිබේ.