හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට අදාල වාහන යළි දෙන්න පුළුවන්

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් වන බැවින් ඔවුන් ගේ ආරක්ෂාවට අදාළ වාහන ඇතුළු අනෙකුත් දේ සම්බන්ධයෙන් යම් ඉල්ලීමක් සිදුකරන්නේ නම් ඒ වෙනුවෙන් කටයුතු කිරීමට සුදානම් බවත් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද ඒ ඔස්සේ ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු ඉවත් නොකරන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (07) පාර්ලිමේන්තුවේ දීපැවසීය.ඇතැම් හිටපු ජනාධිපතිවරුන් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා භාවිතා කළ වාහන ද මේ වනවිට භාර දී ඇති මුත් හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනතට එය අදාළ නොවන බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

කාලීන පුවත්